අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

December 02, 2024 - 3:16 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 340ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් වැලිකන්ද පොලිස් වසමේ කන්දකාඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 29 සහ 40 යන වයස්වල පසුවන වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්.

(lknews.lk)