ත්‍රී රෝද රථ ගාස්තුව ඉහළ යයි

December 13, 2023 - 6:28 PM
ඉදිරි වසරේදී පළමු කිලෝමීටරයක් සඳහා වන ත්‍රී රෝද රථ ගාස්තුව රුපියල් 150ටත් වඩා වැඩි වීමට නියමිත බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.

මෙලෙස ත්‍රී රෝද රථ ගාස්තුව වැඩිවීමට හේතුව වන්නේ ඉදිරි වසර තුළ වැඩිවීමට නියමිත 18%ක බදු ප්‍රතිශතය බවයි ලලිත් ධර්මසේකර මහතා කියා සිටියා.
(lknews.lk)