මෙවර ඔලිම්පික් උළෙලට දැඩි ආරක්ෂාවක්

April 17, 2024 - 2:08 PM
මේ වසරේ ඔලිම්පික් තරඟ ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා ප්‍රංශයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර ආරක්ෂක හේතුන් මත පවත්වන ස්ථානය වෙනස් කරන බව එරට බලධාරීන් පවසනවා.

කෙසේ නමුත් ප්‍රධාන මළල ක්‍රීඩා තරග ප්‍රංශයේ ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩකයින් 10,500ක් තරග වදින අතර ඊට තරග ඉසව් 329ක් ඇතුලත් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඔලිම්පික් තරගයට රටවල් 206ක් සහභාගී වන බව වාර්තා වනවා.

එමෙන්ම ඔලිම්පික් තරඟයේ ආරක්ෂාව වෙනුවෙන් සොල්දාදුවන් 20,000ක් සහ පොලිස් භටයන් 40,000කට අධික සංඛ්‍යාවක් යොදවන බව එරට රජය සඳහන් කළා.

ප්‍රංශ අගමැති ගේබ්‍රියල් අටාල් සඳහන් කළේ බුද්ධි අංශ මගින් රටේ ස්ථාන දෙකකට මුස්ලිම් අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ල වී තිබෙන බව දන්වා ඇති බවයි.

(lknews.lk)