මහ කන්නයේ භෝග වගා කිරීමට, නායකයන්

September 24, 2023 - 5:31 PM

එළැඹෙන මහ කන්නයේ දී ආහාර භෝග වර්ග 13ක් වගා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අදාළ භෝග වර්ග සඳහා නායකයන් 13න් දෙනෙකු පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මේ වනවිට වගා කටයුතු සඳහා සියලු සැලසුම් සකස් කර ඇති බවයි එම භෝග නායකයන් ප්‍රකාශ කර ඇත්තේ.

වී ඇතුළු ආහාර භෝග 13ක් සඳහා මෙලෙස නායකයින් පත් කර ඇති අතර බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, රතු ලූණු, ලොකු ලූණු, මුං ඇට, කව්පි, සෝයා ‌ බෝංචි, කුරක්කන්, තළ, උඳු සහ රටකජු එම භෝග වර්ග වනවා.

ආනයනය සීමා කරමින් අදාළ භෝග වර්ග රට තුළ වගා කර අස්වැන්න ලබා ගැනීම මෙහි මූලික අරමුණයි.
(lknews.lk)