පාසල් දරුවන් අතර දුම්කොළ භාවිතය ඉහළ යයි
January 09, 2025 - 7:56 PM
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් දුම්කොළවලට ඇබ්බැහි වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව මනෝචිකිත්සක උපදේශක වෛද්‍ය රූමි රූබන් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ බොහෝ පාසල් දරුවන් දුම්කොළ සහ විද්‍යුත් සිගරට්වලට ඇබ්බැහි වෙමින් සිටින බවයි.
එමෙන්ම දුම්පානයේ අන්තරායන් සහ දුම්කොළ භාවිතා කිරීමේදී ඇති වන සෞඛ්‍ය අවදානම් පිළිබඳව දෙමව්පියන් තම දරුවන් සමඟ විවෘත සාකච්ඡාවල නිරත විය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ දුම්කොළ භාවිතයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් සහ උපකාරක පන්තිවලදී බෑග් පරීක්ෂාවන් සිදු කළ යුතු බවයි.
බොහෝ දරුවන් පන්ති කාමර, ක්‍රීඩා පිටි සහ එළිමහන් ඉගෙනුම් ප්‍රදේශ වැනි ස්ථානවල බියක් නොමැතිව දුම්කොළ භාවිතා කරන බවත් වෛද්‍ය රූබන් සඳහන් කළා.
එමෙන්ම දුම්කොළවලට ඇබ්බැහි වූ දරුවන් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවද ඔහු කියා සිටියා.
(lknews)