ජාතික රණවිරු සැමරුම් උත්සවය අද

May 19, 2024 - 2:33 PM
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පැවැත්වෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.00ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී එම උත්සවය පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
(lknews.lk)