භික්ෂුණී ශාසනය ආරම්භ වූ උඳුවප් පොහෝ දිනය අදයි
December 14, 2024 - 5:39 PM
ලොවපුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන කරන වසර අවසාන උඳුවප් පොහොය දිනය අදට (14) යෙදී තිබෙනවා.
සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ජය ශ්රී මහා බෝධියේ දක්ෂිණ ශාකාවක් රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදු වූයේ අද වැනි පොහොය දිනයකදීයි.
මෙරට බෞද්ධයන්ට වැදගත් වන උඳුවප් පොහොය දිනයේදී සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් 11 නමක් ලක්දිවට වැඩම කළ අතර මෙරට භික්ෂුණී ශාසනය පිහිටුවීමද මෙදින සිදු වී තිබෙනවා.
එපමණක් නොව බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපා වන්දනා සමයද උඳුවප් පුර පසළොස්වක් පොහොය දිනයේදී ආරම්භ වනවා.
(lknews.lk)