උඳුවප් පොහෝ දිනය අදයි

December 26, 2023 - 10:36 AM
බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන වසරක අවසානය සනිටුහන් කරන උඳුවප් පුරපසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙනවා.

මෙරට බෞද්ධයන්ට ද ශාසනික වශයෙන් උඳුවප් පොහොය ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙනවා.

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනකයි.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සස්න පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව තිබෙනවා.

උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපා වන්දනා සමය ආරම්භ වීමයි.
(lknews.lk)