ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

February 15, 2024 - 9:37 AM
ලෝක ළමා පිළිකා රෝගී දිනය අද (15) යෙදී තිබෙනවා.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය, සුරාජ් පෙරේරා මහතා පවසන්නේ, වර්ෂයකට මෙරටින් පිළිකා රෝගීන් 37,000 - 40,000 අතර වාර්තා වන බවයි.

එම රෝගීන්ගෙන් 2% ත් 5% ත් අතර සංඛ්‍යාවක් ළමයින් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)