ලෝක ස්ථුලතා දිනය අදයි

March 04, 2024 - 10:42 AM
ලෝක ස්ථුලතා දිනය අදට (04) යෙදී තිබෙනවා.

ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන පවසන්නේ, ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් බිලියන 1.9කට වඩා වැඩි ප්‍රමාණයක් අධි බර සහිත පුද්ගලයින් වන අතර ඉන් මිලියන 650ක් ස්ථුලතාවයෙන් පෙළෙන බවයි.

ශ්‍රී ලංකාව තුළ ද මෙම තත්වය අහිතකර ලෙස දක්නට ලැබෙන බව ඇය වැඩිදුරටත් පැවසුවා.
(lknews.lk)