හින්දු බැතිමතුන්ගේ මහා ශිව රාත්‍රී දිනය අදයි

March 08, 2024 - 10:47 AM
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (08) යෙදී තිබෙනවා.

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය ලෙස මෙය සැළකෙනවා.

ඔවුන් මෙම පුණ්‍ය ක්‍රියාවල නිරත වන්නේ, රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන්.
(lknews.lk)