දකුණට අද ශෝක දිනයක්

March 01, 2024 - 9:54 AM
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුවන අද දිනය දකුණු පළාතේ ශෝක දිනයක් ලෙස නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අද සියලු රාජ්‍ය ආයතන වල ජාතික ධජය අඩකුඹු කර තබනු ඇතියි.

එමෙන්ම රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ රුහුණු විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි.
(lknews)