රුපියලට සාපේක්ෂව අද ඩොලරයේ අගය

December 18, 2024 - 8:01 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.86ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.50ක් ලෙසයි.

(lknews.lk)