SL Vs BAN - 1st Test | හතර වන දිනය අද

March 25, 2024 - 9:38 AM
ශ්‍රී ලංකා - බංගලාදේශ පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අද (25) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වන විට බංගලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 47ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට නම් බංගලාදේශය තවත් ලකුණු 464ක් රැස් කළ යුතු වනවා.

එමෙන්ම බංගලාදේශ පළමු ඉනිම ලකුණු 188 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වූ අතර තරගය ජය ගැනීමේ වැඩි වාසි පවතින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.
(lknews.lk)