දුරුතු පුන් පොහෝ දිනය අදයි

January 13, 2025 - 10:55 AM
2025 වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය අද (13) දිනට යෙදී තිබෙනවා.

බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූයේ දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බවයි.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇත්තේද දුරුතු පොහොය දිනයකදීයි.

එම අවස්ථාවේදී ආපසු දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතු මිටක් ලබාදී තිබෙනවා.

එම ධාතු නිධන් කොට මහියංගන චෛත්‍ය ඉදිකර ඇති බවත් ඉතිහාසයේ සඳහන්.

එමෙන්ම බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කර ඇත්තේද දුරුදු පොහොය දිනයකදීයි.

(lknews)