මැදින් පුර පසළොස්වක පොහොය අද

March 24, 2024 - 9:36 AM
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (24)  යෙදී තිබෙනවා.

සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ දිනයක් ලෙස මැදින් පොහොය දිනය සැළකෙනවා.

බුදුරජාණන් වහන්සේ ඥාතී සංග්‍රහය පිණිස සිය ජන්ම භූමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ අද (24) වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකයි.

එමෙන්ම මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම ද අද වැනි පොහෝ දිනක සිදු වු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.
(lknews.lk)