ශ්‍රී ලංකාවට අද විශේෂ දිනයක්
May 22, 2025 - 9:50 AM
ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබෙනවා.
1815 වසරේදී උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගත් එතැන් සිට මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙත පැවරුණා.
ඒ අනුව එම කාලයේ සිට බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙක් මඟින් රට පාලනය කළා.
1948 පෙබරවාරි 4වනදා ශ්‍රී ලංකාවට බ්‍රිතානයෙන් නිදහස ලැබුණු ද එය ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් වුණා.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි 22වනදා ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
ඒ අනුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හැඳින්වෙනවා
(lknews)