අද රුපියල ස්ථාවර වෙයි

July 19, 2024 - 2:27 PM
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (19) දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතිනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 299.23ක් වන අතර එය ඊයේ රු. 299.20ක් ලෙස පැවැතුණා.

එමෙන්ම අද ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 308.53ක් ලෙස සටහන් වන අතර ඊයේ එය රු. 308.52ක් ලෙස සටහන් වුණා.

(lknews)