රාජ්‍ය සේවා වෘත්තීය සමිති අද විරෝධතාවක

November 27, 2023 - 10:18 AM
අද (27) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බව පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ, මෙවර අයවැයෙන් ලබා දුන් සහන ප්‍රමාණවත් නොවන බව පවසමින්.

ඒ අනුව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12ට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිතයි.

සිය ඉල්ලීම් සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බව එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළා.
(lknews.lk)