අද වැස්ස ඇති වන්නේ මෙහෙම

June 10, 2024 - 9:19 AM
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම ඌව පළාතේ ස්ථාන කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

(lknews)