ලෝක ගුවන්විදුලි දිනය අද

February 13, 2024 - 12:55 PM
ගුවන්විදුලියේ ප්‍රධාන කාර්යභාරය ඉස්මතු කිරීමට කැපවූ දිනයක් ලෙස යුනෙස්කෝව විසින් සෑම වසරකම පෙබරවාරි 13 දිනට යෙදෙන ලෝක ගුවන්විදුලි දිනය ස්ථාපිත කර තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ දැනුවත් කිරීම, විනෝදාස්වාදය සහ අධ්‍යාපනය ලබා දීමයි.

ගුවන්විදුලිය යනු ශබ්දය විද්‍යුත් තරංග බවට පත් කරමින් සංගීතය, ප්‍රවෘත්ති සහ වෙනත් වැඩසටහන් ශ්‍රාවකයන් වෙත සම්ප්‍රේෂණය කරන ජන මාධ්‍ය සහ සන්නිවේදන ආකාරයකි.

ගුවන්විදුලියේ නිර්මාතෘවරයා වන ඉතාලි ජාතික ගුග්ලිඑල්මෝ මාර්කෝනි 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය හිමි කර ගත්තේ, රැහැන් රහිත සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන්.
(LKNEWS)