සුනාමි ව්‍යවසනය සිදුවී අදට වසර 19ක්

December 26, 2023 - 11:24 AM
2004 වසරේ දෙසැම්බර් 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් 35,000කට අධික පිරිසක් මියගිය අතර තවත් 5000ක පිරිසක් අතුරුදන් වුණා.

සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා පෙරවරු 9.25 සිට පෙරවරු  9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සුනාමි ව්‍යවසනය සිදුවූ දෙසැම්බර් 26 වන දින ජාතික සැමරුම් උත්සවයක් ලෙස සිහි ගන්වන අතර එය 2012 වසරේ සිට ජාතික සුරක්ෂිත දිනය වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මෙවර ද ජාතික සුරක්ෂිත දිනය දීප ව්‍යාප්තව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන සැමරුම් උත්සවය පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතයි.
(lknews.lk)