චීනයට අධික ශීතලක්

December 26, 2023 - 1:40 PM
වසර 72කට පසු චීනයේ බීජිං අගනුවරට බලපා ඇති සීතලම කාලගුණය දෙසැම්බර් මාසයේ වාර්තා වී තිබෙනවා.

1951 වර්ෂයෙන් පසු බීජිං නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 10ට වඩා පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ශීත කාලගුණය චීනයේ තවත් පළාත් රැසකට බලපා ඇති අතර ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර ප්‍රවාහන සේවාව ද ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

සීතල හේතුවෙන් චීනයේ හෙනාන් පළාතේ බලශක්ති සැපයුම ද අඬාල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
(lknews.lk)