සංචාරක ආදායම ඉහළ යයි

September 09, 2024 - 9:29 AM
මෙම වසරේ මාස 08ක කාලයක් තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා.

මෙය පෙර වසරට සාපේක්ෂව 66%ක වර්ධනයක් බවයි වාර්තා වන්නේ.

මහ බැංකුව වැඩිදුරත් සඳහන් කරන්නේ පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ සමස්ත ආදායම මේ වසරේ මුල් මාස 08 තුළ සපුරා ඇති බවයි.


(lknews)