මාර්තු මාසයේ සංචාරක ආදායම ඉහළට

April 15, 2025 - 9:06 AM
2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව නිවේදනය කළේ 2025 මාර්තු මාසයේදී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 354ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයත් සමඟ මෙලෙස 2025 මුල් මාස තුනෙහි සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියනය සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.

එමෙන්ම 2024 මුල් මාස 03හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේ දී මෙය 9.4%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

(lknews.lk)