මේ වසරේ සංචාරකයින්ගේ පැමිණීම ඉහළට

April 20, 2024 - 9:45 AM
මෙරටට දිනකට සංචාරකයින් පැමිණීම 7000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය පවසනවා.

එමෙන්ම පළමු මාස තුන ඇතුළත 635,784ක් පමණ සංචාරකයින් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් මාසයේ සති දෙකකට ආසන්න කාලයක් තුළ දී සංචාරකයන් 82,531ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව එම අධිකාරිය පවසන්නේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව 718,315ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

(lknews.lk)