සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

September 12, 2024 - 1:31 PM
2024 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 14ට ආසන්න වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ජනවාරි පළමු වනදා සිට සැප්තැම්බර් 08 වනදා දක්වා දිවයිනට පැමිණ තිබෙන මුළු සංචාරකයන් සංඛ්‍යාව 1,395,773ක් බවයි.

සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණ තිබෙනවා.

එම සංඛ්‍යාව 218,350ක්.

පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දැක්වුණේ 1,487,303ක් ලෙසයි.

[lknews]