ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

March 09, 2024 - 6:37 PM
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති අවසන් T20 තරගයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් සහ දසුන් ශානක ලකුණු 19ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම සියළු දෙනා දැවී රැස් කළේ ලකුණු 146ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දවා ගැනීමේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වාර්තා අතරට එක් වීමට නුවන් තුෂාර සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත T20 තරගාවලිය 2 - 1ක් ලෙස ජයග්‍රහණය කළා.
(lknews)