රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්

February 16, 2024 - 10:50 AM
රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

රේගුවේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ නිලධාරින් 950 කට වැඩි පිරිසක් ඊයේ (15) මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වුණා.

ජනාධිපති ලේකම්වරයා හා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් ලබාදුන් පොරොන්දුවක් මත එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කළ බව රේගු නිලධාරින්ගේ සංගමයේ සභාපති අමිල සංජිව සඳහන් කළා.
(lknews.lk)