නිදහස් දිනය වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

January 27, 2024 - 3:07 PM
76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව රථ වාහන පොලීසිය නිවේදනය කර තිබෙනවා.

ලබන 29 වැනි දා සිට පෙබරවාරි 02 වැනි දා දක්වා මෙය ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

අද (27) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථ වාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මේ බව සඳහන් කළා.
(lknews.lk)