EXCLUSIVE | අධිවේගී මාර්ගයේ අනතුරක් නිසා ගමනාගමනයට බාධා

July 21, 2024 - 5:36 PM
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අන්තර් හුවමාරුව අතර මාර්ගයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයින් 5කට තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව පොලීසිය කියා සිටියා.

(colombotimes.lk)