පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා

January 05, 2024 - 10:27 AM
බදුල්ල - මඩකලපුව ප්‍රධාන මාර්ගයට ලුණුගල - අරවාකුඹුර ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි වාහන ධාවනය නවතා දමා තිබෙනවා.

මෙම පස් කන්ද අද (05) උදෑසන කඩාවැටී ඇති අතර එය කඩිනමින් ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ලුණුගල පොලිසිය කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
(lknews.lk)