අද පස්වරුවේ කාර්යාල දුම්රිය 12ක් අවලංගු කෙරේ

October 30, 2023 - 4:25 PM
අද (30) පස්වරුවේ කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා පවසනවා. 

ඒ දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකීරීම මත බවයි ඔහු පැවසුවේ.
 
ඒ අනුව දුම්රිය ගමන්වාර 12ක් පමණ අවලංගු වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
 
දුම්රිය නියාමකවරුන්ගේ මාසිකව ගෙවනු ලබන අතිකාල ප්‍රමාණය සම්පූර්ණ වූ පසු නැවත ඔවුන් සේවය සදහා වාර්තා නොකොට ලෙඩ නිවාඩු වාර්තා කරනු ලබන අතර , මේ ආකාරයට පසුගිය මාස කිහිපයේම මෙසේ දුම්රිය ගමන් වාර අවලංගු කිරීම මත මගී ජනතාව දැඩි අපහාසුතාවයට ලක්ව තිබෙනු දක්නට ලැබෙනවා.
(colombotimes.lk)