කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් සේවයට කැඳවයි

June 10, 2024 - 11:42 AM
කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් සේවයට කැඳවා ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ පවසනවා.

ඒ දුම්රිය සේවාව පවත්වාගෙන යාමේ අරමුණින්.

කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් දුම්රිය ධාවනය සදහා යොදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇති බව ඔහු කියා කියා සිටියා.

එමෙන්ම දැනටමත් කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් අට දෙනෙකු දුම්රිය ධාවනයට යොදවා ඇති බව ඔහු ප්‍රකාශ කළා.

(lknews)