මිලියන 320ක් වැය කරමින් ආයුර්වේද උපාධිධාරීන්ගේ පුහුණුවීම් යළි ආරම්භයි

June 18, 2024 - 7:57 PM
රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.   

ඒ අනුව මාසයකට රුපියල් 67,500ක ගෙවීමක් සහිතව ආයුර්වේද උපාධිධාරීන් සඳහා වන සීමාවාසීක පුහුණුව ආරම්භ කළ බවත් ඊට රජය රුපියල් මිලියන 320ක් වැය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(lknews)