අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

July 12, 2024 - 8:53 AM
අද (12) දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට කටයුතු කර තිබීම හේතුවෙන්.

ඒ අනුව අද දහවල් වන විට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)