ට්‍රම්ප්ගෙන් ඉරානයට පිළිතුරු

June 15, 2025 - 3:58 PM
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුමට අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ නොවන බව ආමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද නව ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකාව කිසිඳු සම්බන්ධයක් නොපවතින බවයි.

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට අමෙරිකාව, ප්‍රංශය සහ එක්සත් රාජධානිය කටයුතු කළහොත් එම රටවල් තුනට අදාළ කලාපයේ පිහිටි නැව් සහ හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට කටයුතු කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

මීට පිළිතුරු ලබා දෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ යම් ආකාරයකින් හෝ පහරදීමක් සිදුවුවහොත් එක්සත් ජනපද හමුදාවන්ගේ පූර්ණ ශක්තිය සහ බලය ඉරානයට දැක ගත හැකි වනු ඇති බවයි.

(lknews.lk)