ට්‍රම්ප්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

April 08, 2025 - 10:35 AM
චීනයට තවත් 50%ක තීරු බද්දක් පනවන බවට ඇමරිකානු ජනපති ඩොනෙල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවා ති‍බෙනවා.

ඒ, චීනය ඇමරිකාවට පැනවූ 34%ක තීරු බදු ඉවත් කර ගන්නැයි බල කරමින්.

චීනය එලෙස ඇමරිකාවට තීරු බදු පැනවූයේ අවස්ථා දෙකකදී ඇමරිකාව විසින් චීනයට පැනවූ 20%ක සහ 54%ක තීරුබදුවලට ප්‍රතිචාර දක්වමිනුයි.

ඇමරිකාව පසුගියදා ලොකයේ රටවල් රැසක් ඉලක්ක කර ගනිමින් පැනවූ තීරුබදු හේතුවෙන් ගෝලීය වෙලඳපොල අඛණ්ඩව තුන්වන දිනටත් කඩා වැටුණු පසුබිමක ට්‍රම්ප් ජනාධිපතිවරයා නව අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.

ඔහු තවදුරටත් සඳහන් කළේ, ඇමරිකාව පැනවූ තීරුබදුවලට එරෙහිව ප්‍රති තීරුබදු පනවන රටවල් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.

(lknews.lk)