කොළඹින් පිටත් වූ සුනාමි දුම්රිය

December 26, 2023 - 1:07 PM
2004 වර්ෂයේ දෙසැම්බර් 26 වැනි දින සුනාමි ඛේදවාචකය හේතුවෙන් පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් දුම්රිය මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම වෙනුවෙන් අද (26) උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත බලා දුම්රියක් ධාවනය වී තිබෙනවා.

මෙම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25ට පිටත් වූ අතර, එය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 6.50ට පිටත් වූ බව සඳහන්.

2004 වර්ෂයේ සුනාමි අනතුරට පත් වූ දුම්රිය ඇන්ජිම වන 591 අදත් එලෙසම ගමන් ඇරඹීම මෙහි විශේෂත්වයක් වුණා.

මෙහිදී කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් දුම්රිය තුළ පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකළ බවයි වාර්තා වන්නේ.
(lknews.lk)