පැසිෆික් දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීමක්

March 31, 2025 - 9:56 AM
ටොන්ගා රාජ්‍ය ආසන්න දකුණු පැසිෆික් සාගරයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.

ඊයේ (30) ඇති වූ එම ප්‍රභල භූකම්පනය රික්ටර් මාපක 7.1ක අගයක් ලෙස සඳහන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මෙම භූ කම්පනය කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදු වී ඇති බව සඳහන් කළා.

ඒ අනුව ටොන්ගා රාජ්‍ය ඇතුළු පැසිෆික් දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.


(lknews.lk)