ක්ෂය රෝගීන් වාර්තා වීම ඉහළට

March 14, 2024 - 9:38 AM
මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම සියයට 14 කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසා තිබෙනවා.

මේ වන විට පෙනහළුගත ක්ෂය රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් මහත්මිය සඳහන් කළා.

ඇය මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
(lknews.lk)