අද මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පන්ති තහනම් වෙයි

December 29, 2023 - 8:56 AM
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් වනවා. 

ඒ අනුව ආදර්ශ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ආදර්ශ ප්‍රශ්න ප්‍රසිද්ධ කිරීම ද තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. 
 
එවැනි කටයුතුවල නිරත වන පුද්ගලයින්ට හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. 
 
2023 අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි 4 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙනවා.
(lknews.lk)