බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට

March 03, 2024 - 4:21 PM
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිඟයට පිළියමක් වශයෙන් බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබෙනවා.

එම ගුවන් යානා පැදවීම ද බෙල්ජියම් ගුවන් සේවා නියමුවන් විසින් සිදු කෙරෙන බව වාර්තා වනවා.

එමෙන්ම ෆිට්ස් එයාර් ගුවන් සේවයේ A 320 වර්ගයේ ගුවන් යානයක් ද ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන තිබෙනවා.
(lknews.lk)