මීගොඩ කොල්ලයේ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

February 21, 2024 - 10:35 AM
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය 12 වැනිදා තරුණියකට වෙඩි තබා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (20) ඔවුන්ව ගොඩගම සහ හෝමාගම යන ප්‍රදේශවලදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එම සැකකරුවන් 32 සහ 45 හැවිරිදි මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

ඒ අනුව මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(LKNEWS)