ලක්ෂ 400ක කේරළ ගංජා සමග දෙදෙනෙක් දැලේ

October 29, 2023 - 4:54 PM

රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

යාපනය – වඩුකොඩ්ඩායි වෙරළ ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමක දියි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් සතුව තිබී ඇති කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 104 කට අධිකයි.

ඒවා ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් ද මෙහිදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 25 සහ 40 ක් වන මාදගල් සහ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
(lknews.lk)