කිළිනොච්චිය පුනරීන් මුහුදේදී බෝට්ටු දෙකක් එකිනෙක ගැටෙයි

March 03, 2024 - 1:29 PM
කිළිනොච්චිය පුනරීන් මුහුදේදී බෝට්ටු දෙකක් එකිනෙකට ගැටීම නිසා පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරට ලක්ව ඇත්තේ, පුනරීන් පලයතීව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යට සහභාගී වීමට පැමිණි එම බෝට්ටු අයත් පවුල් දෙකේ හිතවතුන් පිරිසක්.

තුවාල කරුවන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙන බව වාර්තා වනවා.
(lknews.lk)