මාරක අනතුරකින් දෙදෙනෙකු මියයයි

June 23, 2024 - 1:01 PM
විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුරාධපුර පාදෙනිය මාර්ගයේ තලාව හන්දිය ආසන්නයේදී.

අනතුර සිදු වන අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ රියදුරු හා පිටුපස අසුනේ සිටි පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා තලාව රෝහලට ඇතුලත් කිරීමේදී රියදුරු හා පිටුපස සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට වාර්තා වනවා.

අනෙක් තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා ඇත.

මරණකරුවන් අවුරුදු 19 හා 21 වයස්වල පසු වන එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තලාව පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි
(lknews.lk)