අඩු අදායම්ලාභී පවුල්වලට මාස දෙකක් සහල්

March 26, 2024 - 1:34 PM
අඩු අදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අප්‍රේල් මාසයේදී 10kgක් සහ මැයි මාසයේ 10kg ලෙස එම සහල් ලබා දීමට සැලසුම් කර ඇති බවයි.
(lknews.lk)