මොළය මිය­ගිය කාන්තාවකගේ අව­ය­ව­ව­ලින් තවත් ජීවිත 2ක් බේරෙයි

March 07, 2025 - 11:47 AM
මොළය මිය­ගිය කාන්තා­ව­කගේ නීරෝගි අව­යව ලබා ගෙන මර­ණයේ අබි­යස සිටි රෝගීන් 2නෙක්ට අව­යව බද්ධ කර සාර්ථක සැත්ක­ම­ක් කිරීමට හම්බ­න්තොට රෝහල් වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා.

ඒ අව­යව ලබා ගැනී­මට ක්ෂණි­කව ඥාතීන් දැක්වූ කැමැත්ත අනුවයි.

මෙලෙස මිය­ගොස් තිබුණේ තිස්ස­ම­හා­රාම කිරින්ද ප්‍රදේ­ශයේ පදිංචිකාරිනියක්.

රෝහල් වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මොළය මිය­ගිය කාන්තා­වගේ වකු­ගඩු දෙක ලබා­ගෙන තවත් රෝගීන් දෙදෙ­නෙ­ක්ට බද්ධ කර එම සැත්කම සාර්ථක කරගත් බවයි.

(lknews.lk)