තවත් රථවාහන ව්‍යාපෘති දෙකක් අරඹයි
January 05, 2025 - 10:26 AM
පොලීසිය විසින් Clean Sri Lanka වැඩසටහනට සමගාමීව රථවාහන තදබදය සහ අනතුරු අවම කිරීම සඳහා තවත් විශේෂ ව්‍යපෘති දෙකක් ආරම්භ කර තිබෙනවා.
එහි පළමු ව්‍යාපෘතිය ලෙස රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණවල විදුලි බුබුළු, ඝෝෂාකාරී නලා, අධික ශබ්ද සහිත සයිලන්සර් සහ අන්ත්‍රාදායක ලෙස විවිධ අමතර කොටස් සවිකර ඇති වාහන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.
එමෙන්ම දෙවන මෙහෙයුම ලෙස උපායදූතයන් යොදවා පොදු ප්‍රවාහන බස් රථ රියදුරන් සිදු කරන වැරදි අනාවරණය කර නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම විශේෂ මෙහෙයුම ඊයේ (04) සිට එළඹෙන 19වනදා දක්වා ක්‍රියාත්මක වන බව පොලීසිය සඳහන් කළා.
ඒ අතර කාලසීමාව තුළදී රථවාහනවල ඇති අනවශ්‍ය අමතර කොටස් ඉවත් කිරීම සඳහා රියදුරන් හට උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews)